සුඛෝපභෝගී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අද (06) උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා.ඒ නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ නුවරඑළිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේදීයි.අනතුරින් බස් රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කළ බව නුවරඑළිය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙක් ප්‍රකාශ කළා.හැටන් සිට නුවරඑළිය දක්වා ධාවනය වූ බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නුවරඑළිය සිට බ්ලැක්ෆුල් දක්වා ධාවනය වූ ලොරි රථය අපරික්ෂාකාරී ලෙස ප්‍රධාන මාර්ගය හරහා හැරවීමේදී ධාවනය වෙමින් තිබූ බස් රථයේ ගැටී මෙම අනතුර සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)