නුවරඑළිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා විදේශිකයන් දෙදෙනෙක් ප්‍රවාහනය කරමින් සිටි ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරකට ලක්වී තිබෙනවා.
ඒ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ග නානුඔය බංගලා හත ප්‍රදේශයේදීයි.
අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික්ක මහ රෝහලට ඇතුළත් කළ බව නානුඔය පොලීසිය සඳහන් කළා.
යතුරුපැදිය ඉදිරියෙන් ධාවනය වූ බස් රථයකට අපරීක්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට උත්සහ දැරීමේදී ත්‍රිරෝද රථයේ ගැටී අනතුර සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අනතුර සිදුවනවාත් සමඟම ත්‍රිරෝද රථය මාර්ගයේ නවතා තිබූ ජීප් රථයකද ගැටී තිබෙනවා.
(colombotimes.lk)