18 July 2025

logo

දකුණු කොරියාවට ඛේදවාචකයක්



දකුණු කොරියාවට බලපා ඇති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එරට රජය විසින් ඉහළම ආපදා අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු කොරියාවේ බටහිර කොටසේ පිහිටි සියෝසාන් ප්‍රදේශයට පැය 12ක් තුළ මිලිමීටර් 400කට වඩා වර්ෂාපතනයක් පතිත වී ඇති බවයි.
 
ගංවතුර සහ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් 04දෙනෙක් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම පුද්ගලයන් 1300දෙනෙක් පමණ ආරක්ෂිත ප්‍රදේශ වෙත රැගෙන ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 100කට පමණ පසු දකුණු කොරියාවට බලපා ඇති දරුණුම අයහපත් කාලගුණ තත්ත්වය මෙය බවයි.

(colombotimes.lk)