03 September 2025

logo

රජයේ ඉදිරි සැලසුම් ජනපති හෙළි කරයි



ආර්ථික ශක්‍යතා හඳුනාගනිමින් ආර්ථිකය ගමට ප්‍රසාරණය කරමින් ඉතා සැලසුම්සහගත වැඩපිළිවෙළක් ඔස්සේ රට සංවර්ධනය කරා ගෙනයාම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාකල් පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීම වෙනුවෙන් තම පාලන කාලය තුළ කැප වී කටයුතු කරන බවයි. 

මෙම මාසයේදී රට පුරා නව සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සංවර්ධන ව්‍යාපෘති අවසන් කළ යුතු දිනට අවසන් නොකිරීමේ සහ ඇස්මේන්තු කළ මුදලට වඩා වැඩි මුදලක් වැය කිරීමේ පැරණි සම්ප්‍රදාය අවසන් කරමින් සියලු සංවර්ධන ව්‍යාපෘති නිසි කලට නිම කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට රජය කැප වී සිටින බවයි. 

(colombotimes.lk)