20 May 2026

logo

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටෙයි - පුද්ගලයෙක් ජීවිතක්ෂයට



ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මතට ගසක් කඩාවැටීමෙන් ඊයේ (22) අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ ඇඹිලිපිටිය මහවැලි නිළ නිවාස ප්‍රදේශයේදීයි.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු සහ පසුපදිකරු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 45ක් වන පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

(colombotimes.lk)