16 September 2025

logo

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ කැපී පෙනෙන වර්ධනයක්



මෙම මාසයේ පළමු දින 14 තුළ මෙරටට සංචාරකයන් 75,358ක් පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 

එම අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි. 

එම සංඛ්‍යාව 21,389ක් ලෙස සඳහන් වනවා. 

මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටට සංචාරකයන් 16 ලක්ෂ 41,881දෙනෙක් පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)