ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ බෙලරුස් විදේශ කටයුතු අමාත්‍ය මැක්සිම් රිෂෙන්කොව් අතර විශේෂ ද්විපාර්ශවික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ මින්ස්ක් නුවරදීයි.
මෙය දශකයකට වැඩි කාලයකට පසු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බෙලරුස් රාජ්‍යයේ සිදු වූ පළමු ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය බවයි වාර්තා වන්නේ.
දෙරට අතර පවතින සබඳතා නව ප්‍රබෝධයකින් යුතුව ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.
එමෙන්ම සාකච්ඡා අවසානයේදී දෙරටේ විදේශ අමාත්‍යවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
