ශ්‍රී ලාංකිකයෙකු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද (16) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කූඨ ලෙස සකස් කළ කැනේඩියානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි ඔස්සේ කැනඩාවට පළා යාමට තැත් කිරීම හේතුවෙන්.
මොහු 37 හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.
සැකකරු අද උදෑසන 08.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු සිය නිශ්කාශන කටයුතු සදහා ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ කැනේඩියානු වීසා බලපත්‍රය පිළිබඳව සැක සිතූ ගුවන් සේවා නිලධාරීන්, ඔහු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන් වලදී මෙම වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට තහවුරු වූ බව සඳහන්.
(colombotimes.lk)