බස්නාහිර පළාතෙත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දක්වා ඇත්තේ, බස්නාහිර පළාතේත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසිබර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
අද (21) පස්වරු 2.30 සිට හෙට (22) උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි එම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes)