colombotimes.lk
සිංහල | English

02 May 2024

මෙරට ඒඩ්ස් ආසාදනය 13% කින් ඉහළට



2023 වසරේ පළමු කාර්තුවේ දී සියයට 13 කින් මෙරට ඒඩ්ස් ආසාදනය වැඩි වී ඇති බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ඒ අද (20) පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක් වෙමින්.

ඔහු සඳහන් කළේ, 'අපි අයවැය බජට් ඔෆිස් ගැන කතා කරමින් ඉන්නවා, අනෙක් පැත්තෙන් ඒඩ්ස් වැඩි වෙලා' යන්නයි.

මෙම තත්ත්වය රටේ ජන ජීවිතයට තදින් බලපාන බැවින් ඒ සම්බන්ධව සොයා බලන ලෙස ද ඔහු ඉල්ලා සිටියා.
(colombotimes.lk)