06 February 2025


ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සම්බන්ධ අභියාචනා භාර ගැනීම අදින් අවසන්



5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අභියාචනා යොමු කිරීමේ කාලය අදින් (06) අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමේ හැකියාව අද (06) දිනයේත් පවතින බවයි.

විදුහල්පතිවරයා මඟින් අදාළ ඉල්ලුම් කිරීම් සිදු කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)