දිඹුලපතන ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් කොටගල කමර්ෂල් ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ඩෙවෝන් ඇළට පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා
මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරා තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
දිඹුලපතන පොලීසිය සඳහන් කළේ අධික වේගයෙන් ධාවනය වී ඇති මෙම ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුරසිදු වී ඇති බවයි .
(colombotimes.lk)