28 July 2025

logo

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයට එකඟ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි



තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ දෙරටේ නායකයින් සමඟ පැවැත්වූ දුරකථන සංවාදවලදී මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බවයි.

එහිදී දෙරටේ නායකයින් නුදුරු දිනයකදී හමුවීමටත් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

එමෙන්ම දෙපාර්ශවයම සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් ඔවුන් සමඟ වන වෙළඳ ගිවිසුම් අත්හිටුවන බවටද ඇමරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)