30 May 2026

logo

පාසල් බස් රථයක් සහ ලංගම බස් රථයක් ගැටී අනතුරක්



පාසල් ළමුන් ප්‍රවාහන කළ පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් එකිනෙකට ගැටීමෙන් අද (13) උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල, පොල්ගහමුල්ල පුද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාව අසලදීයි.  

පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථය අම්බලන්තොට දෙස සිට ගමන් කරමින් තිබූ අතර ලංගම බස් රථය කතරගම දෙසට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදු වී තිබෙනවා. 

(colombotimes.lk)