මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටුගොඩ ප්‍රදේශයේදී අද (13) අනතුරක් සිදු වී තිබෙනවා.
එම අනතුරෙන් පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ 26 හැවිරිදි කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මිය ගොස් තිබෙන බවයි.
මිනුවන්ගොඩ සිට ජා-ඇල දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටින අතරතුර ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ පෙරළී ගොස් මෙම අනතුර සිදු වී තිබෙනවා.
(colombotimes.lk)
