13 January 2026

logo

ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල්වල භාණ්ඩ සඳහා තීරු බද්දක්



ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නව තීරු බදු පැනවීම වහාම ක්‍රියාත්මක කරන බව ට්‍රම්ප් සඳහන් කළ බවයි. 

ටෙහෙරානය විරෝධතාකරුවන් ඝාතනය කළහොත් ට්‍රම්ප් මිලිටරිමය වශයෙන් මැදිහත් වන බවට තර්ජනය කිරීමෙන් පසුව නව තීරුබදු පැනවීම සිදුකර තිබෙනවා. 

(colombotimes.lk)