13 January 2026

logo

නැගෙනහිර පළාතේ සියලු රෝහල්වල වෛද්‍යවරු වර්ජනයක



නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල වෛද්‍යවරු අද (13) වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්. 

අක්කරපත්තුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාට, පරිපලාන සහ මුදල් විෂාමාචාර සිදුවීම් ඇති නිසා ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙස ඉල්ලමින්.

ඒ අනුව නැගෙනහිර පළාතේ මහා රෝහල් 02ක, ශික්ෂණ රෝහලක, මූලික රෝහල් 17ක, ප්‍රාදේශීය රෝහල් 52ක සහ ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන 113ක මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා. 

කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික, අම්පාර දිස්ත්‍රික්කයේ සංවිධායක වෛද්‍ය ජනිත් පේදුරුආරච්චි සඳහන් කළේ අම්පාර දිස්ත්‍රික්කය, මඩකලපුව දිස්ත්‍රික්කය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සියලුම රොහල්වල වෛද්‍යවරුන් මෙම වැඩවර්ජනය සඳහා සහභාගී වන බවයි. 


(colombotimes.lk)