13 January 2026

logo

සංගව පසු කරමින් කෝලි ලෝකයේ දෙවන තැනට



ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර ලකුණු රැස් කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි සමත්වී තිබෙනවා.

ඒ ලකුණු 28,016ක් සමඟින් මෙතෙක් එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි කරගෙන සිටි ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරව පසු කරමින්.

පසුගියදා නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගයේදී ලබාගත් ලකුණු 93ත් සමඟින් කෝලි මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැස් කර තිබෙන මුළු ලකුණු සංඛ්‍යාව 28,068ක්.

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර් වාර්තා වනවා.

ඔහු රැස් කර තිබෙන ලකුණු සංඛ්‍යාව 34,357ක්.

සචින් තෙන්ඩුල්කාර් ජාත්‍යන්තර පිටියේ ශතක 100ක්, විරාත් කෝලි ශතක 84ක් සහ කුමාර් සංගක්කාර ශතක 63ක් වාර්තා කර තිබෙනවා.



(COLOMBOTIMES.LK)