13 January 2026

logo

ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙක් මෙරටදී අත්අඩංගුවට



හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේදී විදේශිකයන් දෙදෙනෙක් පසුගිය 11වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමරිකානු ජාතික පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විදේශිකයන් සතුව තිබී රසායන ද්‍රව්‍ය තුළ බහාලන ලද කෘමි සතුන්ගේ සාම්පල, රසායන ද්‍රව්‍ය සහ කුඩා සතුන් අල්ලන ලද උපකරණ කිහිපයක්ද හමු වී තිබෙනවා.

ජාතික උද්‍යානයේ නිලධාරීන් ඔවුන් නැවතී සිටි හෝටල් කාමරයද පරික්ෂාවට ලක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහි තිබී මෙරටට ආවේණික තවත් කෘමි සතුන්ගේ සාම්පල් 15ක් සහ රසායන ද්‍රව්‍ය හමුවී තිබෙනවා.









(colombotimes.lk)