13 January 2026

logo

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්



ලොරියක් සහ බස් රථයක් එකිනෙක ගැටී අද (13) උදෑසන අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ වැලිපැන්න පිවිසුම අතර ප්‍රදේශයේයි.
 
අනතුර හේතුවෙන් එම අවස්ථාවේ මාතර දෙසට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබූ බව පොලීසිය සඳහන් කළා. 

දක්ෂිණ අධිවේගී මාර්ග පාලක මැදිරිය සඳහන් කළේ අනතුරින් කිසිම පුද්ගලයෙක්ට හානි සිදුවී නොමැති අතර මේ වන විට රථවාහන ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත්කළ බවයි. 

(colombotimes.lk)