colombotimes.lk
සිංහල | English

02 May 2024

විෂයභාර ඇමතිගෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට චෝදනා



පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතා වන බව බුද්ධශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. 

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
 
මෙරට පුරාවස්තු අනාරක්ෂිත වීමට හේතුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇති දුර්වලකමක් බව ඒ මහතා පෙන්වා දෙනවා. 
 
එමෙන්ම එම දෙපාර්තමේන්තුවෙන් පුරාවිද්‍යා අමාත්‍යංශයට කිසිදු සහයෝගයක් නැති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.
(colombotimes.lk)