සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට යානයක් ගොඩ බැස්සවූ පළමු රට බවට පත්වෙමින් ඉන්දියාව ඉතිහාසගත වී දින කිහිපයක් ගතවී අවසන්.
එම උණුසුම යාමට මත්තෙන් ඉන්දියාව සූර්යයා වෙත සිය පළමු නිරීක්ෂණ මෙහෙයුම දියත් කිරීමට සූදානම් වනවා.
ඒ අනුව Aditya-L1 යානය අද (02) ඉන්දීය වේලාවෙන් 11:50 ට දියත් කිරීම සිදුකළා.
එය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 (සැතපුම් 932,000) දුරකට ගමන් කිරීමට නියමිතයි.
ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ මෙම දුර ගමන් කිරීමට මාස හතරක කාලයක් ගතවනු ඇති බවයි.
(colombotimes.lk)
