11 July 2025

logo

තැපැල් වෘත්තීය සමිතිවලට නලින්දගෙන් උපදෙසක්



තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කරමින් සිටින මොහොතක ඇතැම් වෘත්තීය සමිති දේශපාලන වුවමනාවන් මත   වර්ජනය කිරීම සුදුසු නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඔහු කියා සිටියේ තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් අගමැති කමිටුවට යොමු කර ඇති බවයි.

ඒ අනුව ඇතැම් තනතුරු සඳහා බඳවාගැනීම් සිදුකිරීමට මේ වන විට අනුමැතිය හිමිව ඇති බවත් ඡන්දය ප්‍රකාශයට පත් කර  ඇති  වකවානුවකදී තැපැල් දෙපාර්තමේන්තුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනී‍මෙන් මැතිවරණ කටයුතු සඳහා යම් බලපෑමක් වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

(colombotimes.lk)