02 May 2026

logo

ඇෆ්ගනිස්තානු කණ්ඩායමේ, ශ්‍රී ලංකා සංචාරයේ තරග පැවැත්වෙන තැන් වෙනස්වෙයි



ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ, ශ්‍රී ලංකා සංචාරයේ එක්දින ක්‍රිකට් තරග තුන මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. 

මෙම තරග තුන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණා. 
 
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන පෙබරවාරි මස 9 වැනිදා ආරම්භ වනවා. 
 
එම සංචාරයේ විස්සයි20 තරග තුන පෙර පරිදිම දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගයේදී පැවැත්වීමට නියමිතයි. 
 
එමෙන්ම ටෙස්ට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ලබන පෙබරවාරි මස 2 වැනිදා ආරම්භ වනවා.
(colombotimes.lk)
 
May be an image of text that says