ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා වන අවශ්‍ය බඩ ඉරිඟු ලබාගැනීම දුෂ්කර වීම හේතුවෙන් 1980 අංක 26 දරණ ආහාර පනත යටතේ පවතින රෙගුලාසි වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තරව පිළිගත් අතිරේක ආහාරවල පවතින ඇෆ්ලටොක්සින් මට්ටම් වන B1 වර්ගය සඳහා 5 ppb මට්ටම සහ සමස්ත ඇෆ්ලටොක්සින් මට්ටම 10ppb යන කඩයිම් මට්ටම අදාළ කර ගැනීමටයි තීරණය කර ඇත්තේ.
මෙම යෝජනාව සෞඛ්‍යය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබුණා.
(colombotimes.lk)