31 May 2026

logo

ත්‍රිපෝෂ සහ අතිරේක ආහාරවල ඇෆ්ලටොක්සින් මට්ටම වෙනස් කෙරේ



ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා වන අවශ්‍ය බඩ ඉරිඟු ලබාගැනීම දුෂ්කර වීම හේතුවෙන් 1980 අංක 26 දරණ ආහාර පනත යටතේ පවතින රෙගුලාසි වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ අනුව ජාත්‍යන්තරව පිළිගත් අතිරේක ආහාරවල පවතින ඇෆ්ලටොක්සින් මට්ටම් වන B1 වර්ගය සඳහා 5 ppb මට්ටම සහ සමස්ත ඇෆ්ලටොක්සින් මට්ටම 10ppb යන කඩයිම් මට්ටම අදාළ කර ගැනීමටයි තීරණය කර ඇත්තේ. 
 
මෙම යෝජනාව සෞඛ්‍යය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබුණා.
(colombotimes.lk)