15 September 2025

logo

අෆ්රිඩි පාකිස්ථානයේ ගෞරවය රැකදෙයි




ලෝකයේම අවධානය යොමු වී තිබෙන ආසියානු කුසලානයේ ඉන්දු - පාකිස්ථාන තරගය මේ වන විට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 127ක්.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශහීන් ශා අෆ්රිඩි පන්දු 16කින් ලකුණු 33ක් රැස් කළා.

ඒ අනුව මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියාවට හිමි වන ඉලක්කය ලකුණු 128ක්.


(COLOMBOTIMES.LK)