15 September 2025

logo

සීතල යුද්ධයේ ජය ඉන්දියාවට



ආසියානු කුසලානයේ ඉන්දු - පාකිස්ථාන සටන කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.

A කාණ්ඩය යටතේ මෙම තරගය පැවැත්වුණේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 127ක්.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශහීන් ශා අෆ්රිඩි පන්දු 16කින් ලකුණු 33ක් රැස් කළා.

ඒ අනුව ලකුණු 128ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 15යි පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කළා.

(COLOMBOTIMES.LK)