01 July 2025

logo

කලකට පසු අවිශ්කගේ පිත්තෙන් ශතකයක්



සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වන විට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව මේ වන විට තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණා.

එය වාර්තා වුණේ ඔහුගේ සිව්වන එක්දින ශතකය ලෙසයි.

(colombotimes.lk)