18 October 2025

logo

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙක් අත්අඩංගුවට



කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙක් අල්ලස් කොමිසම විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන  තිබෙනවා.

ඒ රජයේ ඉඩමකින් කොටසක් වගා කටයුතු සිදු කිරීමට ලබාදීම සඳහා පුද්ගලයෙක්ගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
  
මහව ප්‍රදේශයේ පුද්ගලයෙක් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දියළුම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙක් බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)