19 September 2025

logo

යාපනයේ සී නෝර් බෝට්ටු අලුත්වැඩියා යාත්‍රාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි



යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ පිහිටි සී නෝර් බෝට්ටු අලුත්වැඩියා යාත්‍රාංගණය සියලු පහසුකම් සහිතව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (18) ආරම්භ කර තිබෙනවා. 

ඒ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ සහභාගීත්වයෙන්.

උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන්, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් කෝලිත කමල් ජිනදාස, ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සී නෝර් සමාගමේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා. 






(colombotimes.lk)