මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගුවන් ප්‍රහාරයකින් ළමුන් 4දෙනෙක් ඇතුළුව පුද්ගලයන් 23දෙනෙක් මියගොස් ඇති බවයි.
එරට දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ සිට කිලෝමීටර් 35ක් පමණ වයඹ දෙසින් පිහිටි සගායිං නගරයේ ලින් ටා ලූ ගම්මානයේ පිහිටි ආරාමයකට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
ගුවන් ප්‍රහාරය එල්ල වන විට මෙම ආරාමයේ 150කට වැඩි පිරිසක් නවාතැන් ගෙන සිට ඇති අතර ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)