සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හෙට (11) උදෑසන 6.00 සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සංධානයේ කැඳවුම්කරු දැනුම්දෙනවා.
ඒ සඳහා පරිපාලන නිලධාරීන්, කළමනාකරණ සහකාරවරුන්, උපස්ථායකවරුන් ද සහභාගී වන බවයි ඔහු පැවසුවේ.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනයට සහය පළ කරමින් අද (10) දිනයේ ද පැය 48ක වර්ජනයක් සිදු කෙරෙනවා.
ඒ වෛද්‍යවරුන් සඳහා වන 'ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව' හෙවත් ඩැට් දීමනාව රුපියල් 35,000කින් ඉහළ නැංවීමට රජය ඊයේ ගත් තීරණයට විරෝධය පළ කරමින්.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, විද්‍යුත් නිකර්පණ රේඛන ශිල්පී සංගමය, ශ්‍රී ලංකා අක්ෂි තාක්ෂණවේදීන්ගේ සංගමය, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය, ඛන්තු රේඛන ශිල්පී සංගමය, පාසල් දන්ත චිකිත්සක සංගමය, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී සංගමය සහ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය එලෙස වර්ජනයට එක්වී සිටිනවා.
(colombotimes.lk)