වාරියපොල පොලිස් වසමේ පාදෙණිය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 08යි ග්‍රෑම් 920ක් සමඟ ඊයේ (04) සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා කුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
පොලීසිය සඳහන් කළේ සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් හා මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් බවට සැක කළ හැකි රුපියල් 10,000ක මුදලක්ද නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51ක් වන ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)