03 February 2025


දිවයිනේ සියලුම සුරාසැල් වැසෙයි



මෙරට 77වන ජාතික නිදහස් දිනය හෙටට (04) යෙදී තිබෙනවා.

ඒ හේතුවෙන් දිවයින පුරා තිබෙන සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

එම කාලය තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන මත්පැන් අලෙවිසැල්වලට මුද්‍රා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

(colombotimes.lk)