03 February 2025


මහ මැතිවරණයේ අපේක්ෂකයන් 1,064ක් වියදම් වාර්තා භාරදීම මඟහරියි



පසුගිය ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයන් තිදෙනෙක් සහ දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් 13ක් ආදායම් වියදම් වාර්තා ලබාදී නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ප්‍රකාශ කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව 1,064ක පිරිසක්ද ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පොලීසියට පැමිණිලි කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


(colombotimes.lk)