03 February 2025


මහජන ආරක්ෂක ඇමැතිට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්



මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අවලංගු කිරීමේ නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුකා පෙරේරා විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය විජේපාල, පාර්ලිමේන්තුවේ මහලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු අදාළ පෙත්සම සඳහන් කළේ වගඋත්තරකාර ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් පසුගිය වසරේ නොවැම්බර් 18වනදා පත්කර ඇති බවයි.

අනතුරුව ආනන්ද විජේපාල ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත් කර තිබෙන බව වාර්තා වූ බවද එම පෙත්සමේ සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91වන ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවයේ නිරත අයෙක්ට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොලබන බව පෙත්සම්කරු කියා සිටියා.

(colombotimes.lk)