03 February 2025


දකුණු නාවික විධානයේ අභිනව ආඥාපති වැඩ භාර ගනියි



රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය දකුණු නාවික විධාන ආඥාපති ලෙස අද (03) වැඩ භාරගෙන තිබෙනවා.

ඒ විධාන මූලස්ථානයේදීයි.

එහිදී දකුණු නාවික විධානයේ වැඩබලන ආඥාපති ලෙස රාජකාරි අධීක්ෂණය කළ කොමදෝරු නදිත් වල්පොල විසින් රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය වෙත නිල වශයෙන් පත්වීමේ රාජකාරි සහ වගකීම් භාර දී තිබෙනවා.

 
(colombotimes.lk)