දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් අද (23) කොළඹට කැඳවා තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පෙරවරුවේ අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් කැඳවා ඇති බවයි.
ඒ අනුව දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන් සහ කොමසාරිවරුන්ට ඒ සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් එම හමුව පැවැත්වෙන බවයි.
(colombotimes.lk)