08 May 2026

logo

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් අත්හිටුවයි



නැවත දැනුම්දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. 

ඒ එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අද (26) පස්වරුවේ සිදු වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන්.

මෙම පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් සියලුම සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)