05 May 2026

logo

ඉරාන යාත්‍රා 6ක් ඇමරිකාව විනාශ කරයි



හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ‘Project Freedom’ මෙහෙයුම අතරතුර වාණිජ නෞකාවලට බාධා කිරීමට උත්සාහ කළ ඉරාන බෝට්ටු 6ක් ගිල්වා දැමූ බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ (CENTCOM) ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් ප්‍රකාශ කර තිබෙනවා.

 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන කෲස් මිසයිල සහ ඩ්‍රෝන යානා කිහිපයක් සාර්ථකව විනාශ කිරීමටද ඇමරිකාව සමත්වූ බවයි.
 
මෙය ආරක්ෂක මෙහෙයුමක් වන අතර ඒ සඳහා බැලැස්ටික් විරෝධී මිසයිල නාශක නෞකා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
 
ඉරානයෙන් එල්ල වන ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා ඇමෙරිකාව දිගටම කටයුතු කරන බවත් ඇමෙරිකානු හමුදා වත්කම් සහ මධ්‍යස්ථානවලින් ඈත්ව සිටින ලෙසත් ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ (CENTCOM) ප්‍රධානීවරයා ඉරානයට අනතුරු අඟවා තිබෙනවා.

(colombotimes.lk)