07 May 2026

logo

ලාෆ්ස් ගෑස් මිල ඉහළට



ලාෆ්ස් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

 
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
 
එහි නව මිල රු. 6,245ක්.
 
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දමා තිබෙනවා.
 
එහි නව මිල සඳහන් වන්නේ රු. 2,500ක් ලෙසයි.

(COLOMBOTIMES.LK)