මෙරට අධිවේගී මාර්ග සඳහා සහ දුර ගමන් සේවා සඳහා සුඛෝපභෝගී බස් රථ 200ක් ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ගමණාගමන මණ්ඩලයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී එම්.ඒ.එන්. ධම්මික රත්න සඳහන් කළේ ඊට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බවයි.
දීර්ඝ නිවාඩු දිනවල සහ උත්සව කාලවලදී කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම මෙහි අරමුණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
