07 May 2026

logo

කුරුණෑගල මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි



කුරුණෑගල මහ නගර සභාවේ අංක 01, ගංගොඩ කොට්ඨාසය නියෝජනය කරන නාගරික මන්ත්‍රී බී.ඩබ්ලිව්. ප්‍රේමචන්ද්‍ර සිය මන්ත්‍රී ධුරයෙන් ඊයේ (05) ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු කුරුණෑගල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා වෙත ලිපියක් මඟින් මේ බව දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

එම ලිපියේ සඳහන් වන්නේ නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි.

(colombotimes.lk)