රටවල් 75ක පුද්ගලයන් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල්දැමීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇමරිකාවේ නව සංක්‍රමණික නීතිවලට අනුව මෙම තීරණය ගත් බවයි.
බ්‍රසීලය, ඉරානය, රුසියාව, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, තායිලන්තය, යේමනය ඇතුළු රටවල් 75ක පුරවැසියන් සඳහා මෙම තහනම පැනවීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සම්පූර්ණ රටවල් පිළිබඳ තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි.
එමෙන්ම ජනවාරි මස 21වනදා සිට මෙම නව නීතිය ක්‍රියාත්මකවීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
