13 December 2025

logo

අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට



මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්පාර උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් උන්වහන්සේව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

උහන පොලීසිය විසින් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමේදී ඔහු සමග සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළකර උන්වහන්සේ එම පොලිස් ස්ථානය තුළ කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

(colombotimes.lk)