වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් පත් කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.
ඔහු එම තනතුර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (02) දිවුරුම් දී තිබෙනවා.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙක් පත් කරන තෙක් මෙම පත්වීම වලංගු වනවා.
(colombotimes.lk)