03 February 2025


හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 600ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (02) ගල්කිස්ස පොලිස් වසමේ ජනතා මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන අත්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.   

(colombotimes.lk)