උතුරු මැද පළාතේ අවලංගු කළ 11වන ශ්‍රේණියේ විභාග කටයුතු අද (03) සිට යළි ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් පවසනවා.
විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියක් හේතුවෙන් උතුරු මැද පළාතේ පාසල්වල 11වන ශ්‍රේණියේ අවසන් වාර විභාගය අවලංගු කිරීමට කටයුතු කළා.
උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදු කරන පොලිස් ආරක්ෂාව යටතේ මෙම වාර විභාගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි.
(colombotimes.lk)