ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනයේ සිදු කළ සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 3ක් භාවිතා කළ බවට පැතිර යන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරනමින්.
එහි සඳහන් වන්නේ කිසිදු ආකාරයකින් ජනාධිපතිවරයා එම සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිතා නොකළ බවට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය තහවුරු කළ බවයි.
ඒ සඳහා සිය නිල මෝටර් රථයෙන් ගමන් කළ බවත් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එම නිවේදනය පහතින්,
(colomobtimes.lk)