ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක පත් කර තිබෙනවා.
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති ඇය න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි එකම ශ්‍රී ලාංකිකයා බව සඳහන්.
එමෙන්ම ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙසද කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)